ලෝක ප්‍රමිති දිනය අදට (14දා) යෙදී තිබේ. ලෝක ප්‍රමිති දිනයේ මෙවර තේමාව වන්නේ ‘ප්‍රමිති මගින් ක්‍රියාකරන ක්ෂේත්රයන්හි සම මට්ටමක් ඇති කරයි’ යන්නයි. නිවැරදි ප්රමිතිකරණය භාවිතයෙන් රජය, ව්‍යාපාරික ප්‍රජාව හා සමාජයට අත්කරගත හැකි වාසි පිළිබඳව අවධානය යොමුකිරීම ලෝක ප්‍රමිති දිනයේ මූලික අභිප්‍රාය වෙයි.
තරඟකාරී වෙළෙඳ පොල ජයගැනීමට නම් ප්‍රමිතිකරණ භාවිතයන් අත්‍යාවශ්‍ය සාධකයකි. නව පර්යේෂණ හා තාක්ෂණයන් ඇසුරු කරමින් රටට ගැළපෙන නවෝත්පාදන ආර්ථීකයක් බිහිකිරීමෙහිලා ප්රමිතිකරණය මහෝපකාරී වන බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
අනාගත ලොවේ නිර්මාණය වන ඉහළ තරඟකාරීත්වයත්, උසස් ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ පමණක් මිලදීගැනීමට යොමුවන පාරිභෝගිකයාගේ අවශ්‍යතාවත් නිවැරදිව හඳුනාගෙන රටේ නිර්මාණය වන නවෝත්පාදන ආර්ථීකයන් ජය ගැනුමට නම් ප්රමිතිකරණය පිළිපැදිය යුතු බවද, ඒ සඳහා ඇප කැපව කටයුතු කරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබාදෙන සේවාවන් උපයෝගී කරගනිමින් ගුණාත්මක සංවර්ධනයක් සමඟ උසස් ප්රමිතිකරණයක් රටෙහි ස්ථාපනය කිරීමට කැපවන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියි.