මෙරට මෙන්ම ඉන්දියන් සාගරයේ ආරක්ෂාව පිළිබඳවත්, ලෝක ත්‍රස්තවාදය නැති කිරීම වෙනුවෙනුත් කටයුතු කිරීමට ශ්‍රී ලංකා හමුදාවන්ට යුතුකමක් තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පසුගියදා නේපාලයේ සහන සේවා සඳහා මෙරටින් පිටත්කර යැවූ හමුදා සාමාජිකයන් වෙත උපහාර පිදීම වෙනුවෙන් ඊයේ (18දා) අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
පළමු වරට ලංකාවේ හමුදාවක් වෙනත් රටක සිදුකළ සහන සේවාවන් පිළිබඳ ලෝකයේම අවධානය යොමුව ඇති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,
"එක පියවරකින් විශාල වෙනසක් කරන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදාවේ අලුත් පියවරක් ලෙස මෙම කාරණය අපිට පිළිගන්නට සිදුවෙනවා. ත්‍රිවිධ හමුදාවේ අනාතය පිළිබඳ ප්‍රශ්න ගණනාවක් හැමෝගෙම හිතේ තිබුණත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වුණාට පසු ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙලා තියෙනවා.
ඒ නිසාම අපිට ලංකාවේ ආරක්ෂාව ගැන පමණක් නොවෙයි ජාත්‍යන්තර ක්ෂේත්‍ර‘යෙත්, කලාපයෙත් වගකීම් තියෙනවා කියලා පිළිඅරගෙන තියෙනවා.
අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ වැඩකටයුතු භාරගත්තා. ඒ වගේම අපිට වෙනම ඉන්දියන් සාගරයේ ආරක්ෂාව පිළිබඳව වගකීමක් තියෙනවා. මේ ලෝකයට තියෙන විශාලම ප්රශ්නය වන ත්‍රස්තවාදය නැතිකරගන්න අපිට යුතුකමක් තියෙනවා. විශේෂයෙන්ම ත්රස්තවාදයට මුහුණදීලා පළපුරුද්ද තියෙන සංවිධානයක් හැටියට අපිට ලෝකයේ පිළිගැනීමක් තියෙනවා. මෙරට ආරක්ෂා කරනවා වගේම අනාගතයටත් අපේ හමුදාවන් සකස් විය යුතුයි කියලා මම හිතනවා." යැයි පැවසීය.