(VIDEO) ලෝක තරගකාරී (ආර්ථික) දර්ශකයේ පියවර පහක් ඉදිරියට පැමිණීමට ශ්රී ලංකාව සමත්ව තිබෙනවා. 2015/2016 වසරට අදාළව ලෝක ආර්ථික සංසදය නවතම දර්ශකය නිකුත් කර තිබෙන අතර එහිදී ශ්රී ලංකාවට හිමිව ඇත්තේ 68 වැනි ස්ථානයයි.
2014/2015 වසරට අදාළව පසුගිය වසරේදී නිකුත් කළ මෙම දර්ශකයේදී ශ්රී ලංකාවට 73 වැනි ස්ථානය හිමිව තිබුණා. පසුගිය වසරේදී මෙන්ම මේ වසරේදීත් එහි ප්රථම ස්ථානය හිමිව තබෙන්නේ ස්විට්සර්ලන්තයටයි.
රටවල් 140ක් යොදාගෙන මෙම දර්ශකය මෙවර ගණණය කර තිබෙනවා. එහි 140 වැනි ස්ථානයේ ගිනියාව රැදි සිටිනවා.
එහි මුලස්ථානයේ පසුවන රටවල් 10
ස්විට්සර්ලන්තය
සිංගප්පූරුව
ඇමෙරිකාව
ජර්මනිය
නෙදර්ලන්තය
ජපානය
හොං කොං
ෆින්ලන්තය
ස්වීඩනය
එංගලන්තය