ලෝක ජල දිනය අදට (22 දා) යෙදී තිබේ. මෙවර ලෝක ජල දිනයේ තේමාව ‘ජලය හා බලශක්තිය’ වේ.
පෘථිවි ගෝලයේ ¾ ක් ජලයෙන් වැසී තිබුණද ලෝ වැසියන්ට පරිභෝජනය කළ හැකි ජල ප්‍රතිශතය වන්නෙ 1% කි. ලෝක ජනගහන වර්ධනයත් සමගම මෙම පරිභෝජනයට සුදුසු 1% ජල ප්‍රතිශතය සියලු දෙනාහට භාවිත කිරීමට සිදුව ඇත.
මේ තත්ත්වය මත ලෝකය පුරා ජල අර්බුදයක් හට ගෙන තිබේ. ජල සම්පත දූෂණය වන කිසිදු ක්‍රියාවක් සිදු නොකර ජල සම්පත සුරකින ලෙසත් පරිසර හිතකාමී පුරවැසියන් ලෙස කටයුතු කරන මෙන් මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.