ලෝක ජල දිනය අදට යෙදී තිබේ. ජලය සහ සේවා නියුක්තිය මෙවර ජල දිනයේ තේමාව වන අතර ජල දිනය සැමරීමේ වැඩසටහනක්ද අද දිනයේ පැවැත්වීමට නියමිතය. පවතින වියළි කාළගුණ තත්වය හේතුවෙන් ජල කප්පාදුවක් කිරීමට අපේක්ෂාවක් නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සමාන්‍යාධිකාරී බි.ඩබ්ලිව්.ආර්.බාලසූරිය මහතා පැවසීය.
එමෙන්ම වර්ෂ 2019 වනවිටදී සමස්ත රජරටම ආවරණය වන පරිදි පානීය ජලය නළ මාර්ග මගින් ලබාදීම රජයේ අපේක්ෂාව බවත් ඊට අදාළ ව්‍යාපෘති ගණනාවක්ම හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහා වූ ණය හා අරමුදල් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.