ලෝක ගුරු දිනය යෙදෙන එළඹෙන (6දා) ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ගැටලු විසඳීමට රජයට බලකරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමට ගුරු -විදුහල්පති වෘත්තීය සමිති එකතුව තීරණය කොට ඇත.
උසස්වීම් සකස් නොකිරීම, විදුහල්පති දීමනාව 16/2017 චක්රලේඛයෙන් මාර්තු මස සිට වැඩි කළද මේ දක්වා ලබා නොදීම, ගුරුවරුන්ගෙන් පිරිසකට හිඟ වැටුප් නොගෙවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාව පැවැත්වීමට තීරණය කර ඇතැයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔක්තෝබර් 06 වන දින ප.ව.2.00ට කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලය අසලින් ආරම්භ කිරීමට නියමිත මේ උද්ඝෝෂණය සඳහා සියලු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද සහභාගී වන බව එහි වැඩිදුරටත් සඳහන්ය.
ජලිත යහරුවන්