එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් ලබාදීමට තීරණය කර තිබේ.
2016 සහ 2017 වසර වෙනුවෙන් මෙම ප්රදානය ලබාදෙන බව එම වැඩසටහනේ මෙරට නියෝජ්‍ය අධ්යක්ෂ ග්යෙන්ඩුක් හොආන්ග් මහතා සඳහන් කළ බව මුදල් අමාත්‍යාංශය උපුටා දක්වයි.
ඊට අමතරව ස්වාභාවික හේතූන් මත ඇති වන තත්ත්වයන්වලදී ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සම්බන්ධයෙන් මැදිහත්වීමට සූදානම් බව නියෝජ්‍ය අධ්යක්ෂවරයා පෙන්වා දෙයි.