ඔක්තෝබර් 16 වැනිදාට යෙදී තිබෙන ලෝක ආහාර දිනය සැමරීමට බලධාරීන් විවිධ වැඩසටහන් දියත් කළද, මෙරට ජනතාවට වසවිසෙන් තොර ආහාර ලබාගත හැකි ජාතික වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නොමැති බව පාරිභෝගික අයිතීන් සුරැකිමේ සංවිධානය සඳහන් කරයි.
වර්තමානයේදී රට තුළ මිය යන පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 07 දෙනෙකු මියයන්නේ බෝනොවන රෝගවලින් බවට සෞඛ්‍ය අංශ සොයාගෙන තිබෙන බවත්, බෝනොවන රෝග ඇති වීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ පිළිකාකාරක අඩංගු රසකාරක සහ ක්ෂණික කෙටි ආහාර වර්ග ශීඝ්‍ර ලෙස මෙරට තුළ ව්‍යාප්ත වීම නිසා බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
මේ නිසා වහාම රට තුළ ක්‍රියාත්මක කළහැකි ජාතික ආහාර ප්‍රතිපත්තියක් වහාම සකස් කරන ලෙසත්, එම ප්‍රතිපත්තියට අනුව රටට ආගන්තුක රසකාරක වර්ග, ක්ෂණික කෙටි ආහාර වර්ග පාලනයට අවශ්‍ය නීතිද ඇතුළත් කළ යුතු බවත් ඔහු පවසා සිටියේය. හෘද රෝග, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය ඇතුළු රෝග විශාල ප්‍රමාණයකට මෙරට ජනතාව ආහාරයට ගන්නා ආහාරවල තිබෙන විවිධ කොටස් බලපා තිබෙන බවත්, මේ නිසා ශීඝ්‍රයෙන් පැතිර යන බෝනොවන රෝග වළක්වා ගැනීම සඳහා ආහාර රටාව විධිමත් වීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.