ලෝකයේ ආර්ථිකය රඳා පවතින්නේ විශාල නගර මත බවත්, ශ්රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය තවත් වැඩිකිරීමේ අරමුණින් බස්නාහිර පළාතම මහ නගරයක් බවට පත්කිරීමට තීරණය කළ බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ඒ අනුව ලෝකයේ හොඳම තාක්ෂණය එක්කරමින් 2020 වන විට මහ නගරය ගොඩනගන බවද, ඒ හරහා ලෝකයේ තරගකාරී ආර්ථිකය මෙරට ගොඩනගන බවද වික්රමසිංහ මහතා කීය. ලෝක නගර දින සැමරුමට එක්වෙමින් අද (31දා) සුහුරුපායේදී අග්රාමාත්යවරයා මේ බව පැවසීය.
ඡායා - ඉසුරු පෙරේරා