ආපදා තත්ත්වය යථාතත්ත්වයට පත්කිරීම සඳහා පවත්වන ලෝක ආධාර සමුළු සම්බන්ධීකරණය කිරීමට අමාත්‍යවරුන් තිදෙනෙකු පත්කර තිබේ.
මේ අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර, විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන අමාත්‍යවරුන් මේ සඳහා පත්කර තිබේ. මෙම ආධාර සමුළුව මාස 02ක් ඇතුළත පැවැත්වීමට සැලසුම් කර තිබේ.