ලොව හොඳම අවන්හල ලෙස පසුගිය වසරේදී සම්මානයට පාත්‍ර වූ ස්විට්සර්ලන්ත අවන්හල් ජාලයක ප්‍රධාන සූපවේදී බෙන්වා වයලියර් සියදිවි හානිකර ගෙන ඇති බව සී.එන්.එන්. පුවත් සේවය පවසයි.
44 වැනි වියෙහි පසුවන වයලියර් Restaurant De L'Hotel De Ville Crissier නමින් අවන්හල් තුනක් පවත්වාගෙන යන අතර, අතිශය ප්‍රසිද්ධියක් ඉසිලූ මෙම අවන්හල් ජාලය පසුගිය දෙසැම්බර් මාසයේදී ලෝකයේ හොඳම අවන්හල ලෙස සම්මානයට පාත්‍ර වෙමින්, වයලියර් ප්‍රංශ විදේශ අමාත්‍යංශයෙන් එම සම්මානයද ලබාගත්තේය.
ස්විට්සර්ලන්ත පොලීසිය පවසන පරිදි බටහිර ස්විට්සර්ලන්තයේ, ක්රිසියර් හි නිවස තුළ තිබියදී ඔහුගේ මළ සිරුර හමුවී ඇත්තේ ඉරිදා දිනයේදීය.
මූලික පොලිස් පරීක්ෂණවලදී ඔහු වෙඩි තබා ගැනීමෙන් සියදිවි හානිකරගන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරන අතර, ඔහුගේ කීර්තිනාමය සලකා වැඩිදුර තොරතුරු පැවසීමට පොලීසිය කටයුතු කර නොමැති බවද විදෙස් මාධ්‍ය පවසයි.