මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබූ ලොව විශාලතම ගුවන් යානාවක් වන ඇන්ටනොව් 225 වර්ගයට අයත් ගුවන්යානය අද (20දා) අලුයම 4.45ට පමණ මත්තල ගුවන්තොටින් නික්ම ගියේය.
මෙම ගුවන් යානව ලංකාවට පැමිණි ප්‍රථම වතාව සනිටුහන් කරමින් පසුගිය 18 වැනිදා උදෑසන 6.35ට පමණ මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වන ලදී.
රුසියාවට අයත් ගුවන් යානාවක් වන මෙය මැලේසියාවේ සිට පැමිණ ඇති අතර, නැවත අද (20දා) දින කරච්චි ගුවන්තොටුපොළ බලා පිටත් වූ බව ගුවන්තොටුපොළ කළමනාකරු උපුල් කලන්සූරිය මහතා කියා සිටියේය.
මෙම යානය ගොඩබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ගතකළ දින දෙක තුළදී රුපියල් මිලියන 15කට වඩා ආදායමක් ලංකාවට ලැබී තිබෙන බවද උපුල් කලන්සූරිය මහතා කියා සිටියේය.