ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණු ඇමෙරිකානු ජාතික සුසානා මුෂත් ජෝන්ස් නම් කාන්තාව අවුරුදු 116 යි, දින 311 ක් දිවි ගෙවීමෙන් පසුව කළුරිය කර තිබේ.
ඇමෙරිකා එත්සත් ජනපදයේ, නිව්යෝර්ක් හි, වැඩිහිටි නිවාසයක ජීවත්ව සිටි ඇය වර්ෂ 1899 දී ඇලබාමා හි ගොවිපළක දී උපත ලැබූවෙකු බව කියයි.
මිය යෑමට දින කිහිපයකට පෙර ඇය අසනීපව සිට ඇති අතර, ඇයගේ අභාවයත් සමග ඉතාලි ජාතික එමා මොරානෝ ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්ව සිටී.
ලෝකයේ වාර්තා වී ඇති පුද්ගල උපත් හා සැලකීමේදී 19 වැනි ශතවර්ෂයේදී උපතලද මිහිපිට ජීවත් වන අවසන් පුද්ගලයා ඇය බව විදෙස් මාධ්‍ය පවසයි.