ලොව වයස්ගතම පුරුෂයා ලෙස සැලකුණු ජපාන ජාතික යසුටාරෝ කොයිඩේ අවුරුදු 112ක් ආයු වළඳා කළුරිය කර ඇත.
ජපානයේ, නගෝයා නගරයෙහි ජීවත් වූ කොයිඩේ 1903 මාර්තු 13 වැනිදා උපත ලැබූවෙකි.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ගිනස් ලෝක වාර්තා පොතට ලොව වයස්ගතම පුරුෂයා ලෙස ඔහුගේ නම ඇතුළත් විය.
දුම්පානය නොකිරීම, මත්පැන් පානයෙන් වැළකීම, විවිධ කාරණාවලදී අධික වෙහෙසට පත් නොවීම මෙන්ම දිවිය පුරාම සතුටින් කාලය ගත කිරීම මෙතරම් දීර්ඝ ජීවිතයක රහස වූ බව මීට පෙර කොයිඩේ පවසා තිබුණි.
අද (19දා) උදෑසන හදිසියේ හදවතේ ක්රියාකාරීත්වය දුර්වලවීම හා ඒ ආශ්රිතව ඇති වූ නිව්මෝනියා තත්ත්වයකින් කොයිඩේ ජීවිතක්ෂයට පත්ව තිබුණි.
කෙසේ වෙතත්, කොයිඩේගෙන් පසුව ඔහුගේ තැනට පත්ව ඇති ලොව වයස්ගතම පිරිමියා පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරක් ඉදිරිපත්ව නැත.