පරිසර හිතකාමීත්වය, සංස්කෘතික හා සාමය ලොවපුරා ප්රචලිත කිරීම වෙනුවෙන් පාපැදියෙන් ලොව වටා සංචාරය කරන තායිවානයේ චෙන් මින්ග් සේයින් හෙවත් ඇල්බර්ට් චෙන් ශ්රී ලංකාව වටා පාපැදි සවාරියක යෙදීමට පසුගියදා මෙරටට පැමිණියේය.
මෙවන විට රටවල් 23 ක් සංචාරය කර ඇති ඔහු හෝටල් කළමනාකාරවයකු මෙන්ම පාසල් අධ්යක්ෂවරයකු වන්නේය. 1995 වසරේදී විශිෂ්ටම ගුරුවරයාට හිමි සම්මානය හිමිකරගත් ඔහු මේවන විට 67 වැනි විය සපුරයි. 2008 සිට 2011 දක්වා කාලය තුළ තායිවානය වටා 6 වතාවක් පාපැදියෙන් තරණය කරන්නට විය.
2012 වර්ෂයේ ලොව වටා ගමන් කිරීමේ අභියෝගය ආරම්භ කරන චෑන් චීනය, ඊශ්රායලය, වතිකාව, ඉතාලිය, ප්රංශය, එංගලන්තය, ඕලන්දය, බෙල්ජියම සහ ජර්මනිය වටා සංචාරය කරන්නට විය. 2013 දී බ්රසීලය, කොරියාව, 2014 දී වියට්නාමය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව සහ පිලිපීනය, 2015 දී දකුණු අප්රිකාව, ස්විස්ටර්ලන්තය, 2016 දී නැවත චීනය වටා ගමන් කළේය. 2017 දී කාම්බෝජය, තායිලන්තය, මියන්මාරය, ඉන්දියාව, ශ්රී ලංකාව, 2018 දී නයිජීරියාව, ඕස්ටේලියාව සහ ශ්රී ලංකාවට නැවත පැමිණියේය.
මාර්ග තදබදය, මාර්ග නීතිවලට අනුකූලව රිය පැදවීමක් නිසියාකාරව නොවීම නිසා ලංකාවේදී බයිසිකලය පැදගෙන යාමේදී පොඩි බියක් ඇතිවන බව ඔහු පවසයි. කොළඹ සිට ගල්ලටත් නැවත කොළඹ සිට මහනුවරටත් ගමන් කිරීමට සැලසුම් සකස් කළද පාපැදිය එවැනි තත්ත්වයක් උඩ පැද යාමට මානසිකත්වයක් නොමැති බව ඔහු පවසයි.
ගයාන් සූරියආරච්චි