අනිකුත් රටවල ‘ජනතාව සටන්කර ලබාගත් අයිතියක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය වත්මන් රජය මැදිහත් වී මෙරටට ලබාදීමට කටයුතු කර ඇති බවත්, ලෝකයේ හත්වැනි හොඳම තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණු බවත් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය කැබිනට් ප්‍රකාශන ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේබව කීය.
මේමස 23 වැනිදා පාර්ලිමේන්තුවේදී තොරතුරු දැනගැනීමේ පනත විවාදයට ගන්නා බවත්, මේපිළිබඳ ජනතාව වැඩි වශයෙන් දැනුවත් වියයුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
තොරතුරු දැනගැවීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ දැඩි ඉල්ලීම හේතුවෙන් විවාදයේ කාලය දිගු කිරීමට අවධානය යොමුව තිබෙන අතර, එය පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.