මැදවච්චියේ සිට වවුනියාව දක්වා අනාරක්ෂිත ලෙස ලොරි රථයකින් රේල් පීලි ප්රවාහනය කරමින් තිබියදී එම ලොරි රථය මැදවච්චිය, ඉසින්බැස්සගල ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරළීමෙන් අද (09දා) රාත්රියේ සිදුවූ අනතුරකින් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, එහි පිටුපස ගමන්ගත් 13 දෙනෙක් තුවාල ලබා තිබේ.
එම තුවාලකරුවන් 13 දෙනා අනුරාධපුර මහ රෝහලට මාරුකර යවා ඇති අතර, එයින් පස්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව මැදවච්චිය පොලීසිය කියයි.