ලේක්හවුස් ආයතනය තුළ දේශපාලන පලිගැනීම් බහුල වශයෙන් සිදුවන බව එහි හිටපු සභාපති බන්දුල පද්මකුමාර මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දැරීම, එම පක්ෂයේ වෘත්තීය සමිතියට සම්බන්ධ වී සිටීම වැනි හේතු මේ සඳහා බලපා ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
පසුගිය කාලයේ ලේක්හවුස් ආයතනයේ සිටි දක්ෂ පුවත්පත් කතුවරුන්, මාධ්‍ය‘වේදීන්, ඡායාරූප ශිල්පීන් පිරිසකගේ රැකියාව අහිමි කර තිබෙන බවත් තවත් පිරිසක් පලිගැනීමේ චේතනාවෙන් වෙනත් අංශවලට මාරු කර තිබෙන බවත් ඔහු පැවසීය.
එහෙත් තමා සභාපතිධුරය ඉසිලූ කාලසීමාවේදී ලේක්හවුස් ආයතනයේ කිසිදු සේවකයෙකුගෙන් දේශපාලනික වශයෙන් පලි නොගත් බව හිටපු සභාපතිවරයා ප්‍රකාශ කළේය.
අද පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් දැක්වීය.