අවසාන මොහොතේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරුන් ඉවත් කිරීම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මැදිහත්වීම අනුමත කළ නොහැකි බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (19දා) පැවසීය.
කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඒ මහතා,
“ජනාධිපතිවරයා දේශපාලන පක්ෂයක නායකයෙක් වුවත් එම කාර්යය නොකළ යුතුව තිබුණා. මැතිවරණ පූර්ව කාලයේදී එතුමා නිහඬව සිටියා සේ ඒ වෙලාවේදීත් නිහඬව සිටියානම් හොඳයි” යනුවෙන් පවසා සිටියේය.
පැෆරල් සංවිධානයට පූර්ව මැතිවරණ කාලසීමාවේ දී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 1194 ක්ද, නිහඬ කාලසීමාවේදී 184 ක්ද, මැතිවරණ දිනයේදී 219 ක්ද වාර්තා වන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේය.
ඡායාරූප - ක්රිෂාන් රණසිංහ