පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කළ වෛද්‍ය සායනයක් අද (02දා) පාර්ලිමේන්තුවේදී පැවැතියේය.
එහිදී කතානායක කරු ජයසූරිය මහතා වෛද්‍ය පරීක්ෂණයට එක්විය.
ඔහුගෙන් ලේ ගැනීමට පැමිණි හෙඳ නිලධාරිණිය පැවැසුවේ "සර් ලේ ගන්නකොට පොඩ්ඩක් රිදෙයි"යනුවෙනි.
එයට පිළිතුරු දෙමින් කතානායකවරයා පැවැසුවේ "අපෝ ඒක ගණන් ගන්න එපා පාර්ලිමේන්තුවේ මීට වඩා රිදෙන අවස්ථා තියෙනවා" යනුවෙනි.