යාපනය,කච්චායි ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරේ සේවය කළ යුධ හමුදා ලෙෆ්ටිනන්වරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වූ යුද හමුදා සෙබළෙකුට යාපනය මහාධිකරණ විනිසුරු කනකා ශිවපාසුන්දරම් මහත්මිය පෙරේදා (08දා) මරණ දඬුවම නියම කළේය.
කොඩිකාමම් පොලිසිය පැවසුවේ යාපනය,කොඩිකාමම්,කච්චායි ප්‍රදේශයේ පිහිටි11 වන ගජබා රෙජිමේන්තු කඳවුරට අනියුක්තව සේවය කරමින් සිටි යුද හමුදා ලෙප්ටිනන් තුෂාර මහේෂ් වික්‍රමසිංහ (29) නිළධාරියෙකු, 2001 වසරේ මැයි මස 14දා වෙඩි තබා ඝාතනය කළ චූදිතයට එලෙස යාපනය මහාධිකරණය විසින් මරණ දඬුවම ලබාදුන් බවටයි.
එද කඳවුරට අනියුක්තව කෝප්රල්වරයෙකු ලෙස සේවය කළ පුත්තලම ප්‍රදේශයේ පදිංචි ඩි.එම්.පි‍්‍රයන්ත දිසානායකට (39) එලෙස මරණ දඩුවම නියම කොට ඇත.