දකුණුදිග අප්‍රිකානු රාජ්‍යයක් වූ ලෙසොතෝ රාජ්‍යයේ පොලිස් මූලස්ථානය ඇතුළු රජයේ ප්‍රධාන ගොඩනැගිලි කිහිපයක් අත්පත් කරගනිමින් එරට තුළ හමුදා කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව වාර්තා වෙයි.
ප්‍රංශ පුවත් සේවය වෙත අදහස් දක්වමින් එරට ක්‍රීඩා අමාත්‍යවරයා පවසා ඇත්තේ හමුදාව එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මෙන්ම තවත් රජයේ ප්‍රධාන ගොඩනැගිලි කිහිපයක් වටලා ඇති බවයි.
එමෙන්ම, ලෙසෙතෝ අගනුවර වන මසේරු ආශ්‍රිතව වෙඩි තැබීම් කිහිපයක්ද වාර්තා වී ඇති අතර, රේඩියෝ සංඥා සහ දුරකථන සංඥා ව්‍යාකූල වී ඇති බවද පැවසෙයි.
භූගෝලීය වශයෙන් ලෙසෙතෝ රාජ්‍යය දකුණු අප්‍රිකාවෙන් වට වූ රාජ්‍යයකි.
ලෙසෙතෝ අගමැති තෝමස් තබානේ 2012 මැයි මස පැවති මැතිවරණයෙන් පසුව එක්සත් රජයක් පිහිටුවීය.
නමුත්, පසුගිය ජූනි මාසයේ සිට අගමැතිවරයාව එරට පාර්ලිමේන්තුව වර්ජනය කළ අතර, මේ තත්ත්වය තුළ ඒකාබද්ධ රජයේ බිඳ වැටීම් ඇති විය.
1966 වසරේදී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ලෙසෙතෝ රාජ්‍ය හමුදා කුමන්ත්‍රණ කිහිපයකටම මුහුණ දුන් රාජ්‍යයක් ලෙස සැලකෙයි.