ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු සිදුවූ ඊයේ (02දා) පෙරවරුවේදී යම්කිසි පුද්ගලයෙක් විසින් සොරාගත් රණ මයුර සම්මානය සෙවීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේ පරීක්ෂණ පවත්වන ලෙසට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පොලීසියට උපදෙස් දී ඇත.
එසේම මෙම පරීක්ෂණ කඩිනමින් පවත්වන ලෙසටත් පොලීසිය උපදෙස් දී තිබේ. 1965 වසරෙදී ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති ඉන්දියා ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් මෙම සම්මානය හිමිවිය.