ඉතාලි අගමැති එන්රිකෝ ලෙට්ටා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග නව අගමැතිවරයයෙකු පත්කිරීම සඳහා ඉතාලි ජනාධිපති ජෝර්ජියෝ නැපොලිටානෝ උපදෙස් ලබාගනිමින් සිටින බව වාර්තා වෙයි.
මේ වනවිට ලැබෙන තොරතුරු අනුව 39 හැවිරිදි ෆ්ලොරෙන්ස් නගරාධිපති මාර්ටියෝ රෙන්සි වෙත අගමැති ධුරය හිමිවනු ඇති බවට දැඩි විශ්වාසයක් පවතී.
පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍ය වාමාංශික ඩිමොක්රටික් පක්ෂ රැස්වීමකදී රෙන්සි විසින් කැඳවූ ඡන්දයක් ලෙට්ටාගේ ඉල්ලා අස්වීමටද හේතුවී තිබේ.
ඉතාලියේ පවතින දුර්වල ආර්ථික වර්ධනය හේතුවෙන් අගමැති ධුරයේ ලෙට්ටා දැඩි පීඩනයකට පත්ව සිටි බවද කියැවෙයි.
ඉතාලි ජනාධිපති කාර්යාලය පවසා සිටියේ ලෙට්ටාගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගැනීමෙන් පසුව අගමැති ධුරය සඳහා නව පත්කිරීම සම්බන්ධයෙන් දේශපාලන නායකයන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.
එහිදී, වඩාත් සුදුසුම පුද්ගලයා අගමැති ධුරය වෙනුවෙන් පත්කිරීමට උපදෙස් ලබාගැනීම් සිදුවන බවත්, බොහෝ විට සෙනසුරාදා වනවිට නව අගමැතිවරයා ප්‍රකාශ කිරීමට හැකිවනු ඇති බවත් ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.