ඉදිරි වසර දෙකක කාලය තුළ දි ලුණු ආනයනය කිරීම නවතා දමා රටටම අවශ්‍ය තරමට ලුණු ලබා දීමට අලිමංකඩ හා මන්නාරම ලුණු ලේවායන් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිලිබඳ අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතා පැවසුවේය.
අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ මන්නාරම මාන්තෙයි ලුණු කර්මාන්ත ශාලාවේ සංවර්ධන කටයුතු සොයා බැලීම සහභාගී වීමෙන්
“යුද සමයේ වසා දමා තිබු අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව හා මන්නාරම ලුණු කර්මාන්ත ශාලාව සංවර්ධනය කොට සැලකිය යුතු ලුණු උත්පාදනයක් සිදු වනවා. ඒ වගේම මෙම ලුණු ලේවායන් සංවර්ධනය කොට වැඩි දියුණු කිරීමෙන් ලුණු උත්පාදනය වැඩි දියුණු කිරීම හරහා ලුණු ආනයනය නවතා දැමීමට හැකියාව ලැබෙනවා.
2017 වසරේ මේ දක්වා කාලය තුළ මන්නාරම ලුණු කර්මාන්ත ශාලාව තුළින් ලුණු ටොන් 6000 ක් හා අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව තුළින් ලුණු ටොන් 5000 ක් ද උත්පාදනය කරලා. තියනවා ඉදිරි වසර දෙකක කාලය තුලදී මේ ලුණු ලේවායන් තවත් සංවර්ධනය කොට ලුණු ආනයනය කිරීම් සම්පූරණයෙන්ම නවතා රටටම අවශ්‍ය ලුණු උත්පාදනය කිරීමට මෙම ලුණු ලේවායන් මගින් සිදු කිරීමට හැකිවනවා” යනුවෙනි.