වංචනික පුද්ගලයන් විසින් සෞඛ්‍ය ආරක්ෂික බව තහවුරු නොකළ පානීය ජල බෝතල් වෙළෙඳ පොළට නිකුත් කරන බවට තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර හා පාරිසරික ඒකකයට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසයි.
එසේ ලියාපදිංචි කර නොමැති ජල බෝතල් වෙළෙඳ පොළේ ඇත්නම් දුරකථන අංක 0113-071073 යන අංකයට දැනුම් දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර හා පාරිසරික සෞඛ්‍ය ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
වලංගු ලියාපදිංචි සහතිකයක් නොමැතිව පානීය ජලය බෝතල් කිරීමේ ආයතන පවත්වාගෙන යාම හෝ එවැනි නිෂ්පාදන අලෙවි කිරීම, බෙදාහැරීම, ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රචාරණය කිරීම 1980 අංක 26 දරණ ආහාර පනත අනුව සම්පූර්ණයෙන්ම තහනම් වූවකි.