IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ ලිබියානු නායකයා ඉලක්ක කරමින් ඇමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මිය ගිය බව විශ්වාස කරන්නේ යැයි පෙන්ටගනය පවසයි.
ඉරාක ජාතිකයෙකු වන අබු නබීල් නමැති මොහු, විසාම් නජාම් අබ්ද් සයීද් අල්-සුබයිදී යනුවෙන්ද හැඳින්වෙන අතර, මොහු ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් සමග එක්වීමට පෙර අල්-කයිඩා සංවිධානයේ දීර්ඝ කාලයක් කටයුතු කළ අයෙකු ලෙසද සැලකෙයි.
පසුගිය සිකුරාදා මෙම ප්‍රහරය දියත් කෙරුණු අතර, ඔහු සිටින්නට ඇතැයි විශ්වාස කෙරෙන ඩෙර්නා හි ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගුවන් ප්‍රහාරය දියත් කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් ලිබියානු IS නායකයා මරණයට පත්වන්නට ඇතැයි ඇමෙරිකාව තරයේ විශ්වාස කරන බව විදෙස් පුවත් පවසයි.