වයස අවුරුදු 05ක දැරියක පැහැරගෙන ගොස් මුදලට විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලිඳුල නගරාධිපතිවරයා සහ නාගරික මන්ත්රීවරයෙකු අද (04දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
2017 වසරේදී පෝටිමෝර් වත්ත අගරපතන ප්රදේශයේ නිවසක සිටි අවුරුදු 05ක දැරියක මෙසේ පැහැරගෙන ගොස් මුදලට විකිණිම සිදුකළැයි ඊයේ (03දා) නුවරඑළිය පොලිස් ස්ථානයට සිදු කළ පැමිණිල්ලකට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන මහේස්ත්රාත්වරයා ඉදිරියට පැමිණවීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
සිද්ධියට අදාළ දැරියගේ මව සහ දැරිය හදා වඩා ගැනීමට මුදලට ලබාගත් අඹු සැමි යුවළද ස්ථානයට පැමීණිමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් හෙට (05දා) නුවරඑළිය මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.