ලිංගික අපචාර චෝදනා මත ධුරයෙන් ඉවත්වීමට සිදුවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප්‍රධානී ඩොමිනික් ස්ට්රවුස් ඛාන්ට රුපියල් කෝටි ගණනක මුදලක් ගෙවමින් ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදේශකයෙකු ලෙස පත් කරගෙන සිට ඇති බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මුදල කොපමණ දැයි නිශ්චිතව තවමත් ප්‍රකාශ වී නොමැති අතර, ආසන්න වශයෙන් එම මුදල රු.කෝටි 3කට වැඩි බවත්, එහෙත් ඔහුට එවැනි මුදලක් ගෙවා ඔහුගෙන් ලබාගෙන ඇති සේවය කුමක්දැයි යන්න පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් පවතින බවද වාර්තා වෙයි.
මේ පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් 'අද' කළ විමසීමකදී ඔහු මෙම පුවත තහවුරු කරමින් මෙසේ ප්‍රකාශ කළේය.
'පුවත්පත කරන හෙළිදරව්ව සත්‍යයක්. ලිංගික අපචාර චෝදනා මත ධුරයෙන් ඉවත් වීමට සිදුවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප්‍රධානී ඩොමිනික් ස්ට්රවුස් ඛාන් (ආදරණීය ස්ට්රවුස් ඛාන්) මහ බැංකුවේ උපදේශකයෙක් ලෙස බඳවාගෙන තිබෙනවා. ඒ සඳහා ඔහුට රුපියල් කෝටි ගණනක මුදලක් ගෙවා තිබෙන බව හෙළිවෙමින් තිබෙනවා.
කෙසේ වෙතත් මොහු උපදේශකයෙකු ලෙස පත්වී ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු එම උපදේශක ධුරයෙන් ඉවත් කිරීමට අප කටයුතු කළා. ඔහුට මහ බැංකුවෙන් ගෙවන ලද මුදල් ප්‍රමාණය පිළිබඳව මේ වනවිට සොයා බැලීමක් කරනවා. ඉදිරියේදී එය හෙළි කරන්නම්' යැයිද සඳහන් කළේය.