සැබෑ විපක්ෂයේ මන්ත්‍රීධුර සංඛ්‍යාව මැයි 08 වැනිදා සිට 70ක් දක්වා ඉහළ යන බවත් එහෙයින් මන්ත්‍රීධුර 06ක් ඇති ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කිරීමට සදාචාරත්මක අයිතියක් නොමැති බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (22දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ අපි අනුර දිසානායක මහත්තයාට කියනවා සදාචාරයක්, ලැජ්ජාවක් තියෙනවා නම් කරුණාකර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් දැන්වත් ඉල්ලා අස්වෙන්න කියලා. මැයි 08 වැනිදා සිට සැබෑ විපක්ෂයේ මන්ත්‍රීවරු 70ක් අසුන් ගෙන සිටියදී මන්ත්‍රී ධුර 06ක් තිබෙන ඔයාට ඔය තනතුරේ ඉන්න ලැජ්ජා නැද්ද” යැයි ද පවසා සිටියේය.