බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රී කේ.ඩී. ලාල්කාන්ත මහතා එම මන්ත්රීධුරයෙන් ඉවත්ව තිබේ. ඔහු තවදුරටත් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වශයෙන් කටයුතු කිරීමට නියමිතය.
ඔහු වෙනුවට පළාත් සභාව සඳහා මන්ත්රීවරයෙකු ඉදිරියේදී පක්ෂය විසින් නම් කිරීමට නියමිතය. එසේම කලුතර දිස්ත්රික්කයෙන් තරග කළ හිටපු බස්නාහිර පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රී නලින්ද ජයතිස්ස මහතාද පාර්ලිමේන්තුවට තේරී ඇති හෙයින් ඔහු වෙනුවටත් ඉදිරියේදී තවත් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෙකු නම් කිරිමට නියමිතය.
මන්ත්රීධුරයෙන් ඉවත්වුවත් ජනතා විමුක්ති පෙරමුණේ ක්රියාකාරී දේශපාලන කටයුතු වල තවදුරටත් නිරතව සිටින බවත්, පක්ෂයේ වෘත්තීය සමති හා අඛණ්ඩව කටයුතු කරන බවත් ඔහු පැවැසීය.