ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහ ගතකර ඉදිරි වසර තුන තුළදී එය ලාභ ලබන තත්ත්වයට පත්කරන තෙක් තමන් ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය වැටුප් ලබාගැනීමක් සිදු නොකරන බව එහි නව සභාපතිවරයා ලෙස පත්වුණු රංජිත් ප්‍රනාන්දු මහතා පැවසීය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා පත්කෙරුණු නව අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් සමගින් අද (05දා) පෙරවරුවේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.