ලස්සන දවසේ කැත වැඩක් කරයි
කුරුණෑගල මාවතගම ආසනයේ මරලුවාව ප්‍රජාශාලාවේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයකට ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි දෑස් නොපෙනන වැඩිහිටි කාන්තාවකගේ ඡන්දය ඇයව රවටා වෙනත් පක්ෂයක් වෙත දැමීමට උත්සාහ කළ මැතිවරණ නිළධාරියෙක් මැතිවරණ නිරීක්ෂණ ජාල විසින් සොයාගෙන තිබේ.
දෑස් නොපෙනන මෙම කාන්තාව සිය ඡන්දය එක් පක්ෂයකට ප්‍රකාශ කරන ලෙස මැතිවරණයේ රාජකාරී කටයුතු සඳහා යෙදී සිටි නිලධාරියෙකුට පවසා තිබේ.
නමුත් එම නිලධාරියා වැඩිහිටි කාන්තාව කී පක්ෂයට නොව වෙනත් පක්ෂයකට ඡන්දය ලබා දී මනාපත් ලකුණු කොට තිබේ.
කෙසේ වෙතත් සිද්ධිය පිළිබඳ සැකසිතුණු ඇයගේ ඥාති දියණිය ඡන්ද පත්‍රිකාව පරීක්ෂා කිරීමේදී ඡන්දය වෙනත් පක්ෂයකට ලබා දී ඇති බව අණාවරණය වී තිබේ.
ඒ අනුව දියණිය මෙය ඡන්ද මධ්‍යස්ථානයේ සිටි අයට දැනුම් දී තිබේ. පසුව අදාළ නිලධාරියා තමා සලකුණු කළ ලකුණ කපා එය කාන්තාව සඳහන් කළ පක්ෂයට සලකුණු කිරීමට උත්සාහ කර තිබේ.
නමුත් එවිට ඡන්ද පත්‍රිකාව අවලංගුවන හෙයින් එයට ඥාති දියණිය අකමැත්ත ප්‍රකාශ කර තිබේ. සිද්ධිය පිළිබඳව කාන්තාව හා ඥාති දියණිය පොලීසියට පැමිණිලි කර ඇති බවත් කියැවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

