ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාට කිරුළපනදී යම් පිරිසක් පහරදුන් අවස්ථාවකදී ඒ සම්බන්ධව පැමිණිලි කිරීමට පොලීසියට ගියේ තමන් පමණක් බවත්, ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් අද කෑගසන එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු එදා ඉදිරිපත් නොවුණු බවත් මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ලසන්ත වික්‍රමතුංග මහතා අතර මිත්‍රත්වයක් පැවතියේ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කළ සමයේ සිට බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
දේශපාලන ප්‍රශ්නවලට අමතරව වෙනත් කරුණු සම්බන්ධවද ඔවුන් දෙදෙනා අතර වරින්වර සාකච්ඡාවන් පැවැති බවත්, තමා විවේචනය කළ, නොකළ සියලු මාධ්‍යවේදීන් සම්බන්ධව හිටපු ජනාධිපතිවරයා මිත්‍රත්වයකින් පසුවූ බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේය.