රාජපක්ෂ පාලනයට සමීපව හිඳිමින් ඔවුන් සමග කටයුතු කරමින් ආරක්ෂා වූ ලලිත් කොතලාවල මහතා මෛත්‍රී රජය යටතේ රාජපක්ෂ පාලනයට විවේචනය කරමින් මේ රජය යටතේ ද ආරක්ෂාවීමට කිඹුල් කඳුළු හෙලන බව නිදහස් තැන්පත්කරුවන්ගේ සංගමය චෝදනා කරයි.
තමාග් සියුල දේපළ කොල්ල කෑවා, තමාව හිරේට දැම්මා, ව්‍යාපාර අඩපණ කළා යැයි පවසමින් තැම්පත්කරුවන්ගේ මුදල් ගෙවන්නට මාව නිදහස් කරන්න කියා කියන අතර තැන්පත්කරුවන්ගේ නඩු ඉල්ලා අස්කරගන්න යැයි පවසමින් සිටින බව ඔවුහු පෙන්වා දෙති.
මෙලෙස නැවතත් කූට ලෙස ලලිත් කොතලාවල මහතා ආරක්ෂාවීමට දරන උත්සාහය ව්‍යර්ථ කර තමන්ට සාධාරණය ඉෂ්ට කරන මෙන් එම සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව පැවසූහ.