වසර හතරකට පෙර යාපනයේ අතුරුදන්වූවන් සෙවීමේ කටයුතුවල නිරත වී සිටියදී අතුරුදන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන අයගේ අතුරුදන්වීම් සම්බන්ධයෙන් සත්‍ය හෙළිකර ගැනීම අත්‍යවශ්‍ය වන්නේ යැයි ලලිත්-කූගන්ගේ ඥාතීහු අවධාරණය කරති.
වසර හතරක කාලයක් මුළුල්ලේ සිය ජනතාව ලලිත්-කූගන් සොයාගනු හැකි වෙතැයි බලාපොරොත්තු වුවද, ඒ පිළිබඳව ප්‍රමාණවත් මැදිහත්වීමක් යහපාලන ආණ්ඩුවෙන් පවා සිදුනොවන බවත්,අදාළ නිලධාරීන් පවා ලලිත්-කූගන් පරීක්ෂණ පිළිබඳව අලසව සිටින්නේ යැයි ලලිත් කුමාර් වීරරාජ්ගේ ඥාතියෙක් පැවසීය.