යානයේදී 2011 වසරේ අතුරුදන් වූ ලලිත් සහ කූගන් ආරක්ෂා සහිතව සිටින බවට තමන් පැවසුවේ එවකට ආරක්ෂක අමාත්‍යංශයෙන් ලැබුණු තොරතුරුවලට බව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේදී ලලිත් කූගන් නඩුවේදී ප්‍රථම වතාවට සාක්ෂි ලබාදෙමින් කියා සිටියේය.
මීට පෙර අවස්ථා කිහිපයකදීම ලලිත් කූගන් අතරුදන් වීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩුවාර පැවතියද, විවිධ හේතූන් මත නඩු වාරයන් කල් දැමුණි. පසුගිය 13 දා යාපනය මහෙස්ත්‍රාත් සදීස් කරන් මහතාගේ ප්‍රධානත්වයෙන් නඩුවිභාග කෙරුණු අතර, එහිදී සාක්ෂිකරුවෙක් වූ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද ප්‍රථම වතාවට සාක්ෂි ලබාදෙන ලදී.
2011 දෙසැම්බර් මස 09 දා අතුරුදන් වූ ලලිත් කූගන් සම්බන්ධයෙන් දින 6කට පසුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පවසා ඇත්තේ ලලිත් කූගන් අතුරුදන්ව නොමැති බවයි.මේ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ එම ප්‍රකාශය මත පදනම් කරමින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි ලබාදෙමින් පවසා සිටියේ තමන් එවැනි ප්‍රකාශයක් සිදුකළේ එවකට ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබා දුන් තොරතුරුවලට අනුව බවයි.