ලලිත් කුමාර් වීරරාජු සහ කූගන් මුරුගානන්දන් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා තොරතුරු දැන සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා ඊයේ (05දා) පැවසීය.
අලුත්ගමගේ මහතා පසුගියදා සිදුකළ ප්රකාශයක් සම්බන්ධව පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමෙන් අනතුරුව නාගමුව මහතා මේ බව සඳහන් කළේය.
2011 දෙසැම්බර් 10 දින යාපනයේදී පැහැරගත් ලලිත් - කූගන් දෙදෙනා ඝාතනයට ලක්වූ බවට ජනවාරි 02 වැනිදා පෞද්ගලික දේශපාලන නාලිකාවක ප්රචාරය වූ වැඩසටහනකදී මහින්දාන්ද අලුත්ගමගේ මහතා ප්රකාශ කර තිබෙන බවත්, ඒ අනුව එම පැහැරගැනීම හා අතුරුන් කිරීම පිළිබඳව මන්ත්රීවරයා තොරතුරු දැනසිටින්නේ යැයි පැහැදිලි වන බවත් දුමින්ද නාගමුව මහතා කීය. එබැවින් අලුත්ගමගේ මහතාගේ ප්රකාශය පිළිබඳව විමර්ශනයක් සිදුකරන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවද හෙතෙම ප්රකාශ කළේය.
මෙම අවස්ථාවට ලලිත් කුමාර් මහතාගේ පියා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.