සරසවි සිසුන්ට සිය අධ්‍යාපනය නිදහසේ කරගෙන යාමට, නැවත අය කිරීමකින් තොරව රජය නොමිලේ ලබාදෙන මාසික ශිෂ්‍යාධාර ක්‍රමයක් ලෙස ‘මහපොළ ශිෂ්‍යත්ව‘ රටට හඳුන්වා දුන් හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතාගේ 22 වැනි ගුණානුස්මරණය අදට (23දා) යෙදී තිබුණි. ඒ වෙනුවෙන් දිවයිනේ ස්ථාන කිහිපයකම ගුණානුස්මරණ උත්සව පවත්වන ලදී.
ඒ අතර කොළඹ රාජකීය විදුහල අසල ඇති ලලිත් ඇතුළත්මුදලි මහතාගේ පිළිරුව අසල පැවති ප්‍රධාන අනුස්මරණ උත්සවය මුදල් අමාත්යරවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.