කොතරම් උද්ඝෝෂණ සිදුකළත් තහනම් කර තිබෙනා ලයිලා සහ සුරුක්කු දැල් මගින් ධීවර කර්මාන්තයේ නිරත වීමට ඉඩ ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
එම දැල් වෙනුවට විකල්ප ක්‍රම හඳුන්වා දෙමින් සිටින බවත්, ලයිලා සහ සුරුක්කු දැල් තහනම් කරනු ලැබූවේ එම දැල් භාවිත කර ධීවර කර්මාන්තය සිදුකිරීම හරහා මත්ස්‍ය කර්මාන්තය හීන කරන බවට නාරා ආයතනය සිදුකළ පරීක්ෂණයකදී හෙළි වීම නිසා බවද පවසා සිටියේය.
මෙම තහනම ඉවත් කරන ලෙසට විවිධ පිරිස් උද්ඝෝෂණ සිදුකරන බවත්, එහෙත් රජය ගත් තීරණ තුළින් වාසි අත්වන්නේ ධීවරයන්ට බව මතක තබාගත යුතු බවද සඳහන් කළේය.