2015 හා 2016 වසර සඳහා ඉදිරිපත් කළ සෑම අයවැය යෝජනාවක් පිළිබඳව තනි ප්රශ්නය බැගින් ගෙන ලබන වසරේ ජනවාරි මාසයේ සිට ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (29දා) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ව්‍යස්ථාදායකයේ රාජ්‍ය මූල්‍ය කටයුතුවලට සක්‍රීය ලෙස දායක වීමට සහ, රටේ ජනතාවගේ හිතසුව පිණිස අයවැය සම්පත් බෙදාදීමට ඉන් අවස්ථාව ලැබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව රාජ්‍ය මූල්‍ය හැසිරවීමේ බලය පාර්ලිමේන්තුවට තිබෙන බැවින් අයවැය යෝජනාවලට කුමක් සිදුවුවේදැයි දැනගැනීමට මහජනතාවට අයිතියක් තිබෙන බවයි.
2015 සහ 2016 අයවැයවලින් වෙන්කළ මුදලින් වියදම් කළ ප්‍රමාණය කොපමණද, වියදම් දැරුවේ කවර අරමුණු සඳහාද, වියදම්වල ප්රතිලාභ ලැබුවේ කවුද, ඒ අයගේ නම් ලැයිස්තුව සභාගත කරනවාද? නොඑසේනම් ඒ මන්ද? යනාදී වශයෙන් සෑම අයවැය යෝජනාවකටම ප්‍රශ්න බැගින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන බවද ඔහු පැවසීය.