2015 වර්ෂයේදී බෙදාදීම සඳහා පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම යටතේ වර්ග 351ක පාසල් පෙළපොත් පිටපත් 29,115,800 ක් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ ආයතන 22කට පැවරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරතිබේ. මේ සඳහා රුපියල් 1,840,639,050.00 ක මුළු මුදලක් වැයවනු ඇතැයි ගණන් බලා තිබේ.මේ සම්බන්ධව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.