ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ට විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියි.
ලෝකයේ දියුණු රටවල්හි භාවිතයට ගැනෙන නූතන තාක්ෂණය උපයෝගීකොට ගනිමින් එය ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාවට නැංවීමට රජය සැලසුම් කර ඇති බවත්, ඒ අනුව දැනට භාවිත කෙරෙන ජාතික හැඳුනුම්පත, විද්‍යුත් ජාතික හැඳුනුම්පතට පරිවර්තනය කෙරෙනු ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.