සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම් බාරගත් නිමල් ලන්සා මහතා හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම් බරාගත් අරුන්දික ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුර මාරු කරගෙන ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒ අනුව නිමල් ලන්සා මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ලෙසත්, අරුන්දික ප්‍රනාන්දු මහතා සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කිරිමට නියමිතය. මෑත ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් වාර්තා වූයේ පළමු වතාවටය.