මාතලේ, ලග්ගල පොලීසියේ ගිනි අවි අතුරුදන්වීම සම්බන්ධයෙන් එදින ගිනි අවි භාරව සිටි පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28දා) අත්අඩංගුවට ගෙන තිබේ.
අතුරුදන්වූ ගිනි අවි සියල්ලම පොලීසිය විසින් සොයාගෙන තිබෙන අතර එම ගිනි අවි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රස පරීක්ෂකවරයා වෙත බාරදී ඇත.
ගිනි අවි සොරකම් සිදුවූ දින සේවය කළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙන අතර ඔවුන් ඇතුළු අනෙකුත් නිලධාරීන්ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශ සටහන් කරගෙන තිබේ.