ලග්ගල පොලීසියේ ගිනි අවි සොරකම සිදුවූ දින රෑ පොලිස් බැරැක්කයක් තුළ පිරිසක් සමග එක්ව මත්පැන් සාදයක් පැවැත්වූ බව කියන ලග්ගල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති වරයාගේ වැඩ 05 දින සිට තහනම් කරන ලෙස මාතලේ සහකාර පොලිස් අධිකාරි එන්.ජනක් වීරසිංහ මහතා නියෝග කර ඇත.
පසුගිය අප්‍රේල් 13 වැනි දින රෑ පොලීසියේ තිබු ගිනි අවි 06 ක් කිසියම් අයෙකු සොරාගත තිබිණි. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණ අනුව පොලීසිය තුළ මත්පැන් පානය තහනම්ව තිබියදී සිය බැරැක්කයේ පිරිසක් සමග මත්පැන් සාදයක් පැවැත්වූ බව අනාවරණය වී ඇත.
එස්. කරුණාරත්න/ ඩබ්.එම්. සෝමරත්න