ලකුණු 70ට වඩා ගත් සිසුන්ට ශිෂ්‍යත්වය සමත් සහතික
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් එක් ප්‍රශ්න පත්රයකට ලකුණු 35 ට වඩා ලබාගනිමින් මුළු ලකුණු 70 ට වඩා ලබාගත් සිසුන් සියලු දෙනා ශිෂ්‍යත්වයෙන් සමත් සිසුන් ලෙස සලකා සහතික පත්රප්රදානය කිරීමට කටයුතුකරන බවත්, විභාගයෙන් සමත් ලෙස තහවුරු කර විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේදී සෑම පාසලකටම සහතික 254,690 ක් යැවීමට සූදානම් කරනබවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 333,672 ක් වන අතර, ඉන් ශිෂ්‍යත්වය සමත් සංඛ්‍යාව 254,690 කි.එය ප්‍රතිශතයක් ලෙස 76.33෴වන අතර, ශිෂ්‍යත්ව ලබාදිය හැකි සත්‍ය ප්‍රමාණයට කඩඉම් ලකුණු තීරණය කර ප්‍රසිද්ධ කර ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයේ සඳහන්ය.
ශිෂ්‍යත්වය සමත් ලකුණු ලෙස කඩඉම් ලකුණු යොදාගතහොත් එය ළමුන්ට කරන අසාධාරණයක් වන අතර, එවිට සමත් ලෙස සැලකෙනුයේ සිසුන් 31,853 ක් පමණක් බැවින්මෙසේ සෑම පාසලකටම සහතික 254,690 ක් යැවීමට කටයුතු කරනබව අමාත්‍යාංශය කියා සිටියි.
ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීම සඳහා ඉල්ලුම්පත්‍ර රාශියක් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇති බැවින්2015 වර්ෂයේ විභාග ප්‍රතිඵල මත ශිෂ්‍යත්ව ලබාදිය හැකි සත්‍ය ප්‍රමාණයට කඩඉම් ලකුණු තීරණය කර ප්‍රසිද්ධ කර ඇති බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

