පසුගිය වසරේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල්වලට ඇතුළත් කරගන්නා ලකුණු ප්‍රමාණවලට අනුව ලංකාවේ ප්‍රධාන පෙළේ බාලක, බාලිකා හා මිශ්‍ර පාසල් 36 කට ඇතුළත් වීම සඳහා ලකුණු 175 ට වැඩියෙන් ලබාගෙන තිබිය යුතු වී ඇති නිසා ප්‍රධාන පාසලකට ඇතුළත් වීමේ දරුවන්ගේ සිහිනය බොඳවී ඇති බව වාර්තා වෙයි.
මෙම පාසල් 36 ට සිංහල බාලක පාසල් 14 ක්, බාලිකා පාසල් 17 ක් සහ මිශ්‍ර පාසල් 05 ක් ඇතුළත් වේ.
ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 175ක් ලබා ගැනීම යනු එක් ප්‍රශ්න පත්‍රයක් වෙනුවෙන් දරුවෙකු ලබා ගතයුතු ලකුණුවල සාමාන්‍ය ලකුණු 87.5කි.
මේ පිළිබඳව 'අද' ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ මෙම තත්ත්වය ඉතා අසාධාරණ තත්ත්වයක් බවයි.
මෙවැනි තත්ත්වයක් උදාවී තිබෙන්නේ පාසල්වලට ඇතුළත් කරගැනීමට හැකි සිසුන් සංඛ්‍යාව විදුහල්පතිවරුන්ගෙන් විමසා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් තීන්දු තීරණ ගැනීම නිසා බව ඒ මහතා පවසා සිටියේය.
එහෙත් සිදුකළ යුතු ක්‍රම‘වේදය වන්නේ ලකුණු මට්ටම ප්‍රකාශයට පත්කර එම ලකුණු මට්ටම්වලට අනුව ඇතුළත් කර ගතයුතු සිසුන් ප්‍රමාණය පිළිබඳව අධ්‍යාපන ලේකම්වරයා විසින් තීරණයක් ගැනීම බව
ජෝශප් ස්ටාලින් මහතාසඳහන් කළේය.
අමාත්‍යාංශ ලේකම්වරයාට මෙවරඑවැනි තීරණයක් ගැනීමට නොහැකිවී තිබෙන්නේ විදුහල්පතිවරුන් විසින් අත්තනෝමතික ආකාරයට හයවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගෙන තිබීම නිසා බවත්, මේ නිසා ශිෂ්‍යත්වය සමත් දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීම සීමා සහිතවී තිබෙන බවත්ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම සීමා සහිත වීම නිසා පාසල්වලට ඇතුළත් කරගන්නා ලකුණු ප්‍රමාණය ඉහළ දමා තිබෙන බවත්, මේ නිසා ලකුණු 175 ට වඩා වැඩි ලකුණු ලබාගත් දරුවන්ට ඇතුළත් විය හැකි පාසල්වලට ඇතුළත් කරගන්නා දරුවන්ගේ ප්‍රමාණය වහාම රටට හෙළි කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටියි.
මේ පිළිබඳව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ ප්‍රාථමික වසරවල දී ළමයින් ඇතුළත් කිරීමේ දී එක් පන්තියකට ළමයින් 42 සීමාවක් පනවා තිබුණත් බොහෝ ප්‍රධාන පාසල්වල 5 වසර පසුවද්දී එම සීමාව 50ත් ඉක්මවා යන බවය. ඒවා බොහෝදුරට විදුහල්පතිවරුන්ගේ හා දේශපාලඥයින්ගේ මැදිහත්වීම මත පිරවී යන බවය. මේ නිසා ලකුණු 175ක් වැනි ඉහළ අගයකින් ශිෂ්‍යත්වය සමත්වන දරුවකුට වුවද ප්‍රධාන පාසලක් අහිමිවී යෑමට ද ප්‍රධාන හේතුවක් වන බවය.
ලකුණු 175ක් හෝ ඊට වඩා ලබා ගත යුතු බාලක පාසල් වන්නේ කොළඹ රාජකීය, කොළඹ ආනන්ද, කොළඹ නාලන්ද, කොළඹ ඩී.එස්. සේනානානයක, කොළඹ තර්ස්ටන්, කොළඹ ඉසිපතන, මහනුවර ධර්මරාජ, කුරුණෑගල මලියදේව, මහනුවර කිංග්ස්වුඩ්, ගාල්ල රිච්මන්ඩ්, කුරුණෑගල ශාන්ත ආනා, මාතර රාහුල, මහනුවර ශාන්ත සිල්වෙස්ටර්, ගාල්ල මහින්ද, යන පාසල්ය.
එමෙන්ම එම ලකුණු සීමාව දැක්වෙන බාලිකා පාසල් වන්නේ, කොළඹ විශාකා, කොළඹ දේවි බාලිකා, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක, කොළඹ ශාන්ත පාවුළු, කිරිබත්ගොඩ විහාර මහාදේව, මහනුවර මහාමායා, කුරුණෑගල මලියදේව බාලිකා, ගාල්ල සවුත්ලන්ඩ්, කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා, ගම්පහ රත්නාවලී, නුගේගොඩ අනුලා, මහනුවර උසස් බාලිකා, ගාල්ල සංඝමිත්තා, මාතර සුජාතා, ගම්පහ යශෝධරා දේවි, රත්නපුර ෆර්ගසන්, කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා යන පාසල්ය.
අදාළ ලකුණු සීමාව සැපිරිය යුතු මිශ්‍ර පාසල් වන්නේ රත්නපුර සීවලී, පන්නිපිටිය ධර්මපාල, රඹුක්කන පින්නවල, පොළොන්නරුව රාජකීය, හොරණ තක්ෂිලා, වීරකැටිය රාජපක්ෂ යන පාසල්ය.