කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන මහතා අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කිරිමට අතිරේක මහේස්ත්‍රාත් චන්දල කලන්සූරිය මහතා කටයුතු කළේය. කුරුඳුවත්ත නෙළුම් පොකුණ ආසන්නයේදී සිදුවූ රිය අනතුරකට අදාළව මෙම නඩුව අධිකරණයේ විභාග වෙමන් පවතියි.