වතු ආශ්රිතව ජීවත්වන ලක්ෂයකට අධික ජනතාවකට වැසිකිළි පහසුකම් නැතැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
මෙම ගැටලුව සහ වතුකරයේ ජනතාව පීඩාවිඳින ස්ථිර නිවසක්, ස්ථිර ඉඩමක් නොමැති වීමේ ගැටලුව ඇතුළුව සියලුම ගැටලුවලට වසර 05 ක් තුළ විසඳුම් ලබාදෙන බවද පවසා සිටියේය.
වතු ජනතාවගේ ජීවිතය නගාසිටුවීම සඳහා සකස් කළ පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් අද (10දා) මේ බව සඳහන් කළේය.